යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන ආරක්ෂක නිලධාරියෙක් අද (25)
එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළ බවයි.
ඒ අනුව යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී ඉරාන විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි 5ක් ඉදිරිපත් කර තිබෙනවා.
එම කොන්දේසි 5 පහතින්,
- සතුරාගේ 'ආක්‍රමණ සහ ඝාතන' සම්පූර්ණයෙන්ම නැවැත්වීම.
- ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකයක්.
- යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකයක්.
- කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම.
- ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරියත් ඉරානයේ ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කිරීම.
(colombotimes.lk)