19 June 2026

logo

ආදිවාසී ජනතාවගේ ගැටලු ගැන අගමැතිනියගේ අවධානය



ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි. 

මෙහිදී ආදිවාසී ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව අවධානය යොමුවී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා. 

එමෙන්ම ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බව සහ ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමේ ඉදිරි කටයුතු සිදු කරන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)