2026 T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබෙනවා.
ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේයි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කළා.
එය වාර්තා අතරට එක් වුණේ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 132ක් පමණයි.
(Colombotimes.lk)