තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් කලාපය මේ වන විට නැවත විවෘත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුවේටයේ සහ බහරේනයේ ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව IRGC ආරක්ෂකයන් පැවසීමත් සමඟ කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එරට බළධාරීන් පියවර ගත් බවයි.
ඒ හේතුවෙන් කුවේට් වෙත පැමිණි ගුවන්යානා නැවත හරවා යවා ඇති බවද එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
පැවති තත්ත්වය සමනය වීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් සීමාව මේ වන විට නැවත විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
