13 June 2026

logo

ඉන්දියාවේ පුද්ගලයන් 10ක් ජීවිතක්ෂයට



ඉන්දියාවේ, ඔඩිෂා ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 10දෙනෙක් මිය ගොස් තිබෙන බවයි. 

එමෙන්ම ගින්නෙන් රෝහලේ කාර්යය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 11දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

බලධාරීන් සඳහන් කළේ ගින්න මේ වන විට පාලනය කර ඇති බවයි. 

විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට එරට බලධාරීන් සැක පළ කර තිබෙනවා. 

(colombotimes.lk)