ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඉන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 29 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබූ විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව, අලමන්දා සහ කන්ඨකපාලේ අතර, කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු බවත්, විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරුන් දුම්රිය දෙකේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගොස් තිබුණ බවත් ඒවායේ සිරවුණු පිරිස් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතර අනතුරට හේතුව සංඥා දෝෂයක් බවටයි සැක කෙරෙන්නේ.
(colombotimes.lk)