අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) සිට ආරම්භ කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදු කිරීමට නියමිතයි.
අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලැබුවා.
(colombotimes.lk)