20 January 2025


මහ කන්නයේ වී මිලදී ගැනීමට ගබඩා සූදානම් කිරීම අරඹයි



මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය මඟින් මිලදී ගැනීම සඳහා වී ගබඩා පිරිසිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර වී මණ්ඩලය සතුව ඇති ගබඩා 209ක් සූදානම් කිරීමටද රජය කටයුතු කර තිබෙනවා.

එම වී ගබඩා සහ අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සියලු ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දීපව්‍යාප්තව ජනවාරි 18 සිට 27 දක්වා වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක්​ද සැ​ලසුම් කර තිබෙනවා.

(colombotimes.lk)