15 May 2025


පොහොර වංචාවක් සිදු කළ 12කට වැඩ වරදියි



ඇමෝනියා පොහොර තොගයක් යූරියා පොහොර ලෙස වංචා කර වැඩි මිලට අලෙවි කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් 12දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 13වනදා සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 53ත් අතර පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඊයේ (14) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

(colombotimes.lk)