පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (15) තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 946,967ක් ලෙසයි.
එය ඊයේ (14) රුපියල් 969,108ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 245,050ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,630ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල අද සටහන් වුණේ රුපියල් 29,240ක් ලෙසයි.
එමෙන්ම කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 33,410ක් දක්වා අඩුවී තිබෙනවා.