16 May 2025


පළාත් සභා සහ පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්



අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම වෙනුවෙන්.

ජනාධිපතිවරයා සහ පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට මෙලෙස අනුමැතිය ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.

එම ගැටලුවලට සාධනීය පිළියම් ලබාදීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගෙන තිබෙනවා.

 
(colombotimes.lk)