03 September 2025

logo

කැනඩාවේ විදේශ අමාත්‍ය ධූරය විදෙස් සම්භවයක් සහිත කාන්තාවකට



කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයට එරට නීති සම්පාදකයෙක් වන අනීටා ආනන්ද් පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් බවයි.

පසුගියදා පැවැති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි විසින් එරට කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කළා.

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙක් වන ගැරී ආනන්දසංගරීට එරට මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය හිමිවී තිබෙනවා.

(colombotimes.lk)