10වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි තේරී පත් වී තිබෙනවා.
ඒ එම මිත්‍රත්ව සංගමය 10වන පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමට පැවති රැස්වීමේදීයි.
ශ්‍රී ලංකා - පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ද එහිදී තේරී පත් වී තිබෙනවා.
(colombotimes.lk)