23 January 2025


වැඩි මිලට සහල් විකුණු 20ක් කොටු වෙයි



කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (23) විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් 6ක් යොදවමින් පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් පරීක්ෂා කර තිබෙනවා.

තවද බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළදසැල් තුළ මෙම වැටලීම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20ක් නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.

සහල් සඟවාගන සිටි වෙළෙන්දෙක් සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳසැලක්ද නිලධාරීන් විසින් වටලා තිබෙන බවයි වාර්තා වන්නේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් සහල් වැඩි මිලට අලෙවිකරණ වෙළෙඳුන් සොයා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)