23 January 2025


මහජන බැංකුවේ පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගනියි



මහජන බැංකුවේ 'පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි' දිනුම් ඇදීමේ අවසන් මහා දිනුම් ඇදීම පසුගියදා පැවැත්වුණා.

ඒ අනුව එහිදී රු. මිලියනය, රු. 500,000 සහ රු. 250,000 බැගින් රු. 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ හිමිකරගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයන් තිදෙනා තෝරාගත් බවයි වාර්තා වන්නේ.  

මෙම අවස්ථාවට මහජන බැංකුවේ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, ප්‍රධාන කළමනාකාරිනි (විගණන) නයනා මොරගොඩ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (තොරතුරු තාක්ෂණ) විපුල වර්ණකුල, කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර හා අලෙවි) අරුණ දන්තනාරායන, කළමනාකාරිනි (කාඩ්පත් ව්‍යාපාර) චලනි සේනානායක, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු යූ. පී ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)