නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වන 'දුරුතු නද' මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙසට හා නුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා මාර්ගයේ එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ගමන් කරවීමට සැලසුම් කර ඇති බවයි.
පොලීසිය විසින් නිකුත් කළ විකල්ප මාර්ග ඇතුළත් නිවේදනය පහතින්,
(colombotimes.lk)