23 January 2025


පාසල් සිසුන්ගේ ආරවුලක් විසඳීමට STF කැඳවයි



පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙදී හොරණ නගරයේදී දින කිහිපයක සිට ඇති කරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පළ වෙත පැමිණ සිසුන් අතර ඇතිවී තිබූ එම තත්ත්වය පාලනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම ඊයේ (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක්ද ලැබී තිබෙනවා.

(colombotimes.lk)