සයිලන්සර් වෙනස් කර අධික ශබ්දය සහිත යතුරුපැදිවලින් වෙසක් සිරි නැරඹීමට පැමිණි පිරිසක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එවැනි යතුරුපැදි 20ක් පමණ පොලිස් භාරයට ගත් බවයි.
එමෙන්ම වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණි මාතර - හිත්තැටිය ප්‍රදේශයේ දී මාර්ගයේ තනි රෝදයෙන් සංදර්ශන පැවැත්වූ යතුරුපැදිකරුවෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පසු එම යතුරුපැදිය ගිනි ගෙන විනාශ වී ඇති බවයි.
(colombotimes.lk)