13 May 2025


උසස් පෙළ විභාගයේ විශිෂ්ටයන්ට මහජන බැංකුවෙන් විශේෂ මුදල් ත්‍යාග



අ. පො. ස. උසස් පෙළ 2024 විභාගයේ සියළුම විෂය ධාරාවලින් දිවයිනේ සහ දිස්ත්‍රික් වශයෙන් ඉහළම ස්ථාන ලබාගත් සිසු සිසුවියන් ඇගයීම උදෙසා මහජන බැංකුව විසින් ඔවුන් හට මුදල් ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා.
 
මෙහිදී එක් එක් විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානයට රුපියල් 150,000ක මුදලක් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දෙවන ස්ථානයට රුපියල් 100,000ක් සහ තෙවන ස්ථානයට රුපියල් 75,000ක මුදලක් අදාල සිසු සිසුවියන් හට පිරිනමා තිබෙනවා.










(colombotimes.lk)