කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටී ගසක හැපීමෙන් අද (13) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයන් 12 දෙනෙක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ආනමඩුව තෝනිගල සිට කොළඹ වෙසක් බැලීම සඳහා ගිය පිරිසක් මෙම අනතුරට ගොඳුරු වී තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)