ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධූර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් විසින් පිළිගත් බවයි.
සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිව්දින සංචාරයක් සඳහා එක්ව සිටින ඇමරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජනපදය තුළ සැලකිය යුතු ලෙස නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද විදෙස් වාර්තාවල සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව ඇති බවයි.
(colombotimes.lk)