13 May 2025


වෙසක් බලන්න කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්



වෙසක් උත්සවය වෙනුවෙන් අදත් (12) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වෙසක් සිරි නැරඹීමට විශාල මහජනතාවක් කොළඹට පැමිණෙන හෙයින් විශේෂ රථවාහන සැළැස්මක් එලෙස ක්‍රියාමක කිරීමට නියමිත බවයි.

වෙසක් කලාප පවත්වන මාර්ගයන්හී පදිංචිකරුවන්ට, රෝහල් හා අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබාදීම සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවයි.
 
එමෙන්ම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළා.

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුළ අදාළ ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් නීතිරීතිවලට අවනත වෙමින් ඒවා පිළිපදින ලෙසයි.

(colombotimes.lk)