නුවරඑළිය නගරයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් කලාපය නැරඹීමට ඊයේ (12) රාත්‍රියේ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
නුවරඑළිය වෙසක් කලාපයේ තොරණ්, දර්ශනීය පහන් කූඩු රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර එම ස්ථානයේ දන්සැල් රැසක් ද සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වෙසක් කලාපයට පැමිණෙන පිරිස වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා.
නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මණ සඳහන් කළේ වෙසක් කලාපයට පැමිණෙන පිරිස වෙනුවෙන් විශේෂිත ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ද දියත් කර තිබෙන බවයි.
(colombotimes.lk)