13 May 2025


මෙරට වරාය සහ ගුවන් සේවා ගැන විශේෂ සාකච්ඡාවක්



ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වන විට ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දු - පාකිස්ථාන අර්බුදය හේතුවෙන් වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.

වරාය අධිකාරියේ නිලධාරීන්, ගුවන්තොටුපළ නිලධාරීන්, කොළඹ, හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිලධාරීන්, නැව් සමාගම් නියෝජිතයන් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

(colombotimes.lk)