colombotimes.lk
සිංහල | English

05 May 2024

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්



2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා. 

කිහිප වතාවක් ප්‍රමාද වූ 2022 සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනි දින සිට විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වුණා. 
 
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 ක් පෙනී සිටියා. 
 
ඒ පාසල් 394,450 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 ක් ලෙසයි. 
 
අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් හුදකලා සිදුවීම් සහ යම් යම් සංකූලතා ඇති වුවද මෙවර විභාගය සාර්ථක අන්දමින් පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. 
 
උත්තරපත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)