25 June 2025

logo

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කට පංති තහනමක්



අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම් කිරීම සිදු කළ බවයි. 

නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවදය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කළ බවයි වාර්තා වන්නේ. 

තෙවන සහ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22කට මෙම පංති තහනම සිදුකර තිබෙනවා. 

නවකවදය ලබාදීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පියවර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)