කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
මීට සුළු මොහොතකට පෙර අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළා.
කොළඹ මහනුවර අතර ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)