ත්‍රිවිධ හමුදා සේවයෙන් පළාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි 22වනදා සිට මැයි 30වනදා දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක් සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඒ අතර නාවික හමුදාවේ 194ක් සහ ගුවන් හමුදාවේ 198ක් සිටිනවා.
(colombotimes.lk)