05 June 2025


මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්



පසුගිය මැයි 6වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාරදී ඇති මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තාවල සහතික කරන ලද පිටපත් ලබන 07වනදා සිට ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී යම්අයෙක්ට පරීක්ෂා කර බැලීමට හෝ අදාළ වාර්තා පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. 

ඒ කාර්යාල දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වායි. 


 
(colombotimes.lk)