22 May 2026

logo

ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්



ජාතික කලා භවනේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි ප්‍රකාශ කළා.
 
ඒ අද (21) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින්.

භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේදී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. 

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවත් කලා භවනේ මේ වන විට ඇත්තේ සිතුවම් 239ක් පමණක් බවයි. 


(colombotimes.lk)