19 June 2026

logo

ගුවන්යානයක් කඩා වැටී බිහිසුණු අනතුරක්



ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්‍රවාහන ගුවන්යානයක් අද (13) අනතුරකට ලක්වී තිබෙනවා.

ඒ ඇසෑම් හී ජෝර්හාට් ගුවන් හමුදා කඳවුරේදීයි. 

යානය ජෝර්හාට් ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට උත්සාහ කරන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බව ඉන්දීය ගුවන් හමුදාව සඳහන් කළා. 

එම අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)