13 June 2026

logo

නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළ 44ක් නාවික හමුදා භාරයට



නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගක්ලයින් 44දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා නිලධාරීන් විසින් පසුගිය සති දෙක තුළ ත්‍රිකුණාමලය පනිචන්කේනි, සෝබා දූපත, ‍ පොල්මල්කුඩා, කින්නියා, සූඩයිකුඩා, ඔට්ටමාවඩි, අලම්පිල්, පුඩුවකට්ටු සහ යාපනය චුන්ඩිකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදීයි.

එමෙන්ම එහිදී ඩිංගි යාත්‍රා 08ක් කැනෝයි යාත්‍රා 02ක් සහ ට්‍රැක්ටර් රථ 04ක් නාවික භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව නාවික හමුදාව සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, කොඩ්බේ, මුතූර්, වාලච්චේනයි, කුච්චවේලි, මුලතිව්, යාපනය යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බවයි.

(colombotimes.lk)