පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයන් 4450ක් පමණ යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙවර ඡන්ද විමසීම වෙනුවෙන් නිරීක්ෂකයන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවයි.
ඒ අතරට ජංගම නිරීක්ෂකයන් 800කට අධික පිරිසක්ද ඇතුළත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කළේ කැෆේ සංවිධානය, නිරීක්ෂකයන් 1250දෙනෙක් යොදවන බවයි.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයෙන් නිරීක්ෂකයන් 200ක් යොදවා තිබෙනවා.
එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ ජංගම නිරීක්ෂණ රථ 50ක් ඒ සඳහා යොදවන බවයි.
මෙවර ඡන්ද විමසීම සඳහා කිසිදු විදේශීය නිරීක්ෂකයෙක් සහභාගී නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)