මේ වසරේ ගතවූ පළමු මාස 03 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31වනදා දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බවයි.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 06දෙනෙක් පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙක්, කම්කරු නිලධාරියෙක්, ක්ෂේත්‍ර නිලධාරියෙක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙක් ද ඒ අතර වන බව සඳහන්.
ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සංවර්ධන නිලධාරියෙක්, අධිකරණ අමාත්‍යාංශ සේවකයෙක්, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙක් සහ සිවිල් පුද්ගලයන් 06දෙනෙක් ද සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ගත වු කාලය තුළ චුදිතයන් 24දෙනෙක්ට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බවයි.
(colombotimes.lk)