විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20දෙනෙක් ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ පසුගිය මාස 7 තුළ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 11 දෙනෙක් දිවයිනට රැගෙනවිත් ඇති බවයි.
ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව එම රටවල් සමඟ සම්බන්ධීකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශන සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)