ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 06දෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ බේරූට්හී මුරපොළක් ඉලක්කකරමින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
එලෙස මියගිය පුද්ගලයන් අතර වෛද්‍යවරුන් තිදෙනෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.
දෙරට දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති අවස්ථාවක ඊශ්‍රායල විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හීදී දින 02ක සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බවයි.
(colombotimes.lk)
