22 May 2026

logo

දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසෙයි



දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) වසා දැමීමට ඔපියවර ගෙන තිබෙනවා.

ඒ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එල්. හරිස්චන්ද්‍ර විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබෙන්නේ රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමටයි.

එමෙන්ම පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)