නිදන් හෑරු සැකකරුවන් 07දෙනෙක් සියබලාගහගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලීසියට ලද තොරතුරක් මත සියබලාගහගම ප්‍රදේශයේ ඉඩමක කළ වැටලීමකදීයි.
අතදන්ගුඑවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 - 56 වන සියබලාගහගම, රාජාංගණය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තඹුත්තේගම ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සේවය කරන පුද්ගලයන් දෙදෙනෙක්ද සිටින බවයි.
අදාළ සැකකරුවන් අද(17) නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
