ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය ඊයේ (03) දහවල් 12 වන විට මෙට්‍රික් ටොන් 88,000ක් ඉක්මවා තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ගෙන්වා ඇති මෙම සහල් තොගය අතරට කැකුලු සහල් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් ටොන් 54,000ක් වන බවයි.
සහල් ආනයනය එළඹෙන ජනවාරි 10 දක්වා දීර්ඝ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.
මේ අතර වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ (03) අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳ සොයා බැලීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම මස 10 වන දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවයි.
(colombotimes.lk)