16 July 2025

logo

DIG වෙසින් කප්පම් ගත් ඩිපෝ සේවකයා රිමාන්ඩ්



රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පෙනී සිටිමින් කප්පම් ලබාගත් ඩිපෝ සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මෙම සැකකරු විසින් රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගේ ඡායාරූපයක් යොදා ගනිමින් Whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ කප්පම් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්ය සහයකයෙක් බව පොලීසිය සඳහන් කළා.

අදාළ සැකකරු ඊයේ (05) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)