13 December 2025

logo

එංගලන්තයේ ගුවන්තොටුපොළවල් රැසක් තාවකාලිකව වැසෙයි



පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළවල් රැසක් තාවකාලිකව වසාදමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළවල් අතරට මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් අයත් බවයි.

එරට පළාත් රැසකට මේ දිනවල පවතින අධික හිමපතනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය යන රටවලට ඇම්බර් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)