07 January 2025


ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 70ක් ජීවිතක්ෂයට



සටන් විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 70 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ දරුවන් බවයි.

එම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ සටන් විරාමයක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධ සාකච්ඡා සිකුරාදා ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බාසම් නයිම් කියා සිටියේ හැකි ඉක්මනින් සටන් විරාම ගිවිසුමක් ගාසා තීරයට අවශ්‍ය බවයි.

(colombotimes.lk)