09 May 2025


WADA සමුළුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරුන් 9 දෙනෙකු මෙරටට



18වන ආසියා ශාන්තිකර කලාපීය ක්‍රීඩාවේ තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ අන්තර් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ලබන සතියේදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ලබන 12,13 දෙදින එම රැස්වීම පැවැත්වෙන බව ශ්‍රි ලංකාවේ තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළා.
 
චීනය,පකිස්ථානය ඇතුළු රටවල් 9ක ක්‍රීඩා අමාත්‍යවරුන් මේ සඳහා සහභාගි වනවා. 
 
මෙම රැස්වීම සඳහා ලෝක තහනම් උත්තේජක නිවාරණය පිළිබඳ සංගමයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ද සහභාගී වීමට නියමිතයි.
(colombotimes.lk)