ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා විසින් සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයෙක් වන ආනන්ද පාලිත වෙත එන්තරවාසියක් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගියදා ආනන්ද පාලිත විසින් සභාපතිවරයා පිළිබඳව සිදු කළ අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශයක් හේතුවෙන්.
එන්තරවාසියේ සඳහන් වන්නේ ආනන්ද පාලිත විසින් සිදු කළ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ රට පුරා ව්‍යාප්ත වී ඇති බවයි.
මේ හේතුවෙන් තමන්ගේ කීර්තිනාමයට හානිවීම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට සහ ලැජ්ජාවට ලක්වීම යන කරුණු මත රුපියල් මිලියන 500ක වන්දියක් ලබාදෙන ලෙස සභාපතිවරයා නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලුම් කර තිබෙනවා.
නීතිඥ සම්පත් යාලේවත්ත විසින් මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් 24වන දින යවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)