26 July 2025

logo

පළාත් රැසකට සවස් කාලයේදී වැසි



සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)