colombotimes.lk
සිංහල | English

05 May 2024

ශ්‍රී පාද නල්ලතන්නි නගරයට මත්පැන් බලපත්‍රයක්



නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට යාබදව සංචාර මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවි සැලක් විවෘත කිරීමට සුදානමක් තිබෙන බව නල්ලතන්නිය ප්‍රදේශවාසීන් පවසනවා.

එමෙන්ම එම සංචාරක හෝටලයට සංචාරක මණ්ඩලය විසින් විදේශිකයන්ට ලබා දීම සඳහා බියර් බලපත්‍රයක්ද ලබා දී තිබෙනවා.

එම බලපත්‍රයේ කොන්දේසි වලට පටහැනිව විවිධ පුද්ගලයන් යොදා ගෙන ශ්‍රී පාද වන්දනාකරුවන්ට බියර් අලෙවි කිරීමේ චෝදනාව යටතේ නල්ලතන්නිය පොලීසිය විසින් එම හෝටල් සේවකයන්ට හා බියර් අලෙවි කළ පුද්ගලයන්ට එරෙහිව හැටන් අධිකරණය විසින් නෛතික පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නල්ලතන්නි ප්‍රදේශවාසීන් කියා සිටියේ, මත්පැන් බලපත්‍රයක් ලබා දීම තුළින් ප්‍රදේශවාසීන් සහ වතු කම්රුවන් මත්පැන් පානයට දැඩි ලෙස ඇබ්බැහි වන බවයි.
(colombotimes.lk)