15 May 2025


Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක්



ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබෙනවා.

විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමුවරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle (සිල්ව අයල්) හි නිර්මාතෘවරිය ඇයයි.

2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ, අශ්වයන් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්වී තිබෙනවා.

යානිකා අමරසේකර ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතන වලින් එකක් වන LB Finance සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley (යූසී බර්ක්ලි) හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක්ද ලබා තිබෙනවා.

(colombotimes.lk)