ස්විට්සර්ලන්තයේ Crans Montanaහි අවන්හලක ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස ඇති වූ ගින්නෙන් පුද්ගලයන් කිහිපදෙනෙක් මියගොස් තිබෙන බවයි.
එම අවන්හල තුළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා සාදයක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
නමුත් ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට සැක පළ කරන බව එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
