20 December 2025

logo

වනඅලි රංචුවක් දුම්රියක ගැටෙයි - 08ක් ජීවිතක්ෂයට



ඉන්දියාවේ ඇසෑම්හිදී අද (20) පෙරවරුවේ වනඅලි රංචුවක් දුම්රියක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් වනඅලි 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 

සයිරං සිට නවදිල්ලි බලා අලුයම 2.17ට පිටත් වූ අධිවේගී දුම්රියක මෙම අලි රංචුව ගැටී තිබෙනවා. 

වනඅලි රංචුව ගැටීමත් සමඟ දුම්රිය පිලී පැනීමකට ලක්වී තිබෙන අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය සේවා කටයුතු ද අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)