17 July 2025

logo

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුරට නව පත්කිරීමක්



රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා.

ඒ එම තනතුරේ සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩබ්ලිව්. ප්‍රින්ස් සේනාධීර බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීම හේතුවෙන්.

ඒ අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් දැනට සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි තිලක් නන්දන හෙට්ටිආරච්චි එම කොමසාරිස් ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

(colombotimes.lk)